අදට, දැනට
කරන්න තියෙන වැඩ ටික ඉවර කරලා ඔන්න මම ඉඳ ගත්තා ලියන්න. මම ඉන්න තැන සැහෙන උසකින්
තියෙන නිසාත්, හුලන් කපොල්ලක් අග්ගිස්සේ තියෙන නිසාත්, හැම විනාඩි තුනෙන් තුනටම වගේ
හූස් හූස් සද්දයක් ගෙන හුලන් කෝඩයක් යන්නේ ඇලුමිනියම් වලින් හදල, මොකක් හරි
හේතුවකට රබර් බීඩින් නොදාපු ජනෙල් පලු දෙදරවාගෙන ටෝකල ටොක ටොක සද්දයක් දාගෙන.
අද දවසේ
ලියන්න කියල හිතාගෙන ඉඳගත්තු කතාව ලියන්න කලින්, වැරදි වටහාගනීම් වැලැක්වීම පිණිස
කියන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි මම විද්‍යා කාරයෙක් උනත් මගේ පවුලේ
පවා බහුතරය කළා සහ වාණිජ විෂය ධාරාවන්ට සම්බන්ද බවත්, පෞද්ගලිකව මිනිස්සු ලෙස ගත
කල්හී මම කැමති බොහෝ අය විද්‍යා කාරයෝ නොවන බවත්.
ඉතින් අද
කතාවට නිමිත්ත මෙකයි; මම කාලෙකට කලින් දාපු twitter පෝස්ටුවක්.
විද්‍යා කාරයෝ
අපූරුවට කලාවට සම්බන්දව වැඩ වගේම පරිපාලන සහ වාණිජ කටයුතු කළත්, කළා හෝ වාණිජ
කාරයෝ විද්‍යාවට නැඹුරු වීමක් නැති බව.
මෙතැනදී අදාළ
විෂය පථයන් මම බෙදුවේ උසස් පෙළ විෂය ධාරාවන්ට අනු කූලව මිස, උසස් අධ්‍යාපන හෝ රාජකාරීමය තත්වයන්ට අදාලව නොවන බව කියන්නට අවශ්‍ය
වෙන්නේ, මුලින් කී twitter පොස්ටුවේ අදහස සමහර අය වැරදියට ග්‍රහණය කරගෙන තිබුණු
නිසා.
ඒ අදහස පහල
වෙන්න හේතුව හැටියට මට හිතෙන්නේ, හය වසරේ ඉඳල දිගටම වගේ පාසලේ සංගීත වැඩ වලට
සම්බන්ද වෙලා වැඩ කරපු නිසා කළා සහ වාණිජ විෂය ධාරා වන්ට යොමුවූ මගේ මිත්‍රයන්, ඒ
විෂයන්ට යොමු වෙන්න පෙර සහ පසු කාල වලදී දක්වපු අදහස් වල මම දැකපු වෙනස් වීම්.
ඔය කිව්වට උඩ වාක්‍ය
පැටලිලි සහගත තරමට දිගයි වගේ... කතාව සරලව
කියමු.
සාමාන්‍ය පෙලට
එනකම් එකම විෂයන් ඉගෙනගත්තු එකම කොලු නඩේ, විද්‍යා විෂයන් වගේම ඉතිහාසය, භාෂාව වගේ
විෂයනුත් කිසි වෙනසක් නැතුව ඉගෙන ගන්නවා. නමුත් උසස් පෙළ ඇවිත් කට්ටිය විෂයන් වලට
බෙදෙනවා. ඒ බෙදිලා ගියාට පස්සේ, mind twister ප්‍රශ්නයක් දෙගොල්ලගෙන් ඇහුවොත් විද්‍යා
කාරයා ඒකට බොහොම ආසාවෙන් ඔට්ටු වෙන අතරේ, කළා වාණිජ මිත්‍රයෝ අනේ බන් අපිට ඕව බෑ
ආකල්පයක් දරනවා. ඒක එහෙම උනත් චිත්‍රයක් අඳින්න, සංගීත වැඩකට, වෙනත් භාෂාවක් ඉගෙන
ගන්න විද්‍යා කාරයෝ පස්ස ගහන ගතිය අඩු බවයි මට දැනිල තියෙන්නේ.
අයෙත් කියන්න
ඕනි. මේ කියන්න හදන්නේ විද්‍යා විෂය කරපු අයගේ ලොකුයි, අනික් අයගේ පොඩියි කියල නම්
නෙමෙයි. එත් ඒ ඒ විෂය ධාරා වලට යොමු වෙන අයගේ ආකල්ප වල දරුණු වෙනසක් සිද්ද වෙන බව.
ඒක දරුනු වෙනසක් විදිහට මම ගණන් ගන්නේ නම්, ඕනි කෙනෙකුට ඕනිම දෙයක් ඉගෙන ගන්න පුළුවන්
බවට මගේ තියෙන විශ්වාසය හින්දයි.
ඉතින් මම කාලෙකට
කලින් කියපු කතාවක් අයෙත් ඇදලා ගන්න හේතු වුනු නිමිත්තත් කියලම ඉන්නම්. දන්නා කියන,
අත්දැකීම් ඇති ගුරු වරියක්. ඇය පහ වසරට උගන්වන්නේ. එතුමිය ඉන්න පාසලට අලුතින්
උපාධි ධාරී ගුරු වරියන් ඇවිත්. කළා උපාධි ධාරීන්. ඒ ගුරු වරියන්ට පහ වසරේ ළමයින්ට
දෙන ගණන් හදාගත නොහැකි බව.
මම දැකපු
දේවල් ඒ විදිහට සටහන් කරලා, නිගමනයක් හෝ, ඒ අඩු පාඩුවට මම දකින හේතුවක් වගේම
පිළියමකුත් නොකියා මම මෙතනින් ලිපිය නතර කරන්න හිතුව. ඒ ගැන තව දුරටත් හිතීම, මට
වඩා අත්දැකීම් වගේම වයසින් වැඩි ඔබට භාරයි. ඒ හිතුනු දේවල් කොමෙන්ටුවල කොටගෙන යන්න පුලුවනිනම් අගෙයි.
අපි යනවා දිවා
භෝජනයට එහෙනම්. සුභ දවසක්.