උදේ පාන්දර වැලිගම් බොක්කේ ලා මුහුදු මීදුමට එලිය වැටිලා ලා දම් පාටක් ගැහිලා. බොක්ක ඇතුලෙම, එත් ටිකක් ඈත දියඹේ පොඩි මාළු ඔරු කිහිපයක් ම කළු හෙවනැලි වගේ පේනවා. තුන් වෙනි තට්ටුවේ කියල නැහැ, කිසිම චාරයක් නැතිව ඇදලා තියෙන විදුලි රැහැන් මගේ දර්ශනයට බාදා කරනවා.
ඉතින් ආයේ කාමරයට දුවපු මම කැමරාවත් අරගෙන පල්ල්ලම් බැහල මූදූ වෙරළට දිව්වා.එත් දැන් අව්ව ටිකක් වැඩි වෙලා නිසා කලින් තිබුණු දම් පාට විසිරිලා ගිහින්, පාට අඩු වෙලා තිබුනා.
ඊයේ රෑ නමයට විතර මේ වෙරල දිගේ ඇවිදිද්දී අපිට හම්බ වුනු කකුළු බෙන වැඩ දියෙන් ආපු වැලි වලින් වැහිලා ගිහින්. ඒ බෙන හාරපු කකුළුවෝ ද කොහෙද දන්නේ නැහැ. එත් කකුළුවෝ බෙන හාරද්දී නිදාගෙන හිටපු මිනිස්සු නම් දැන් වෙරළට බැහැලා වැඩ පටන් අරගෙන. ලාංකික අපිට එතරම් ප්‍රිය නත්තත්, සුද්දෝ අතර ජනප්‍රිය සර්ෆින් ක්‍රීඩාව නවකයෙකුට පටන් ගන්න වැලිගම හොඳ තැනක් නිසා ඒ ආශ්‍රිත කර්මාන්ත වලින් ජීවිතය සරි කරගන්න මිනිස්සුයි ඒ.
මේ බෝට්ටුව දිහා හොඳට බලන්න. මිනිස් පරිනාමයේ අලුත් පුරුකක් හොයාගන්න පුළුවන් වෙයි. ;-) |
දවසේ පරිසර සුන්දරත්වය විඳීම තවත් ඉස්සරහට අරගෙන යන්නට ඕන නිසා, අයෙත් කාමරයට ඇවිත් අම්පරෙත්, මරියාවත් අහරවාගෙන ලෑස්තිවුනා. උදේ කෑම ගන්න වෙලාව වෙනකොට රෙකාත් ආපු නිසා තුන් දෙනාම වැලිගම ඉඳන්, කබ්බලේ කන්ද නගින බලාපොරොත්තුවෙන් ගාලු රත්නපුර බෝඩරේ තියෙන කන්නෙලිය බලා පිටත්වුනා.
කොමාවක් වැටිලා තිබුණු බ්ලොග් ලිවිල්ලට ආයේ පන දෙන්න ලියපු මේ ලිපියේ ඉතිරිය; කබ්බලේ කතාව පසුවට...
හොඳට බලන්න කිව්වට පේනවා අඩු නිසා තව පොටෝරුවක් දැම්මා. |