ඒ කෙසේ වෙතත් ඊට පස්සේ පාසලේ වැඩ කටයුතු වලට සම්බන්ද වෙලා, වෙනත් විෂය ක්ෂේත්‍ර වලට සම්බන්ද වුනු නිසාත්, මටත් අපැහැදිලි විවිද හේතු නිසාත් ඒ කියවන පුරුද්ද අඩු වෙලා ගිහින් උ.පෙ. කාලේ වෙනකොට නැත්තටම නැති වෙලා ගියා. ඒ වගේම කියවපු පොත් වල තිබුණු දේවල් මතකයෙන් අතු ගෑවිලා ගිහින්. කාලයක් අසම කරපු පොත් වල තිබුණු කතාව වත් මතක නැහැ දැන්.
එත් උ. පෙ. ඉවර කරලා කිසි බරක් පතලක් නැතිව ඉන්න මේ කලේ අයෙත් උඩින් පල්ලෙන් වගේ කියවන පටන් ගත්ත අයෙත්. ඒ අතරේ මේ බ්ලොග් සයිට් කියවන වැඩෙත් අර පරණ තිබුණු කියවීමේ අභිරුචිය නැවත පණ ගස්සන වැඩේට සැහෙන දායක වෙන පාටයි. ඉතින් සන්දුනිමා සහ තාරා අක්කගේ පිටු එක ලිපියක් නෑරම කියවලා, බන්ස් අය්යා කියපු පිටුවත් මගක් දුර කියවල, ( ඒ කිව්වේ twitter එකේ කට්ටිය ) මම මේ කියන්න දඟලන්නේ මටත් ලිවීමේ රුදාවක් පහල වීගෙන එනවා වගේ කියලයි.
විසි වසරක් කෙලිය ගොන් පාර්ට් වගේම, වටින් පිටින් අහුලා ගත්ත කතා මල්ලත්, කට ඇරලා කාටවත් නොකියපු, කියන්න අදහසකුත් නැති, මගේ හිතුවිලි ; නිශ්ශබ්ද හිතිවිලි මේ විදිහට අකුරු කරන්නයි සූදානම.
මීට,
වැඩිය සද්ද බද්ද නැති,
--නිශ්ශබ්ද විලියම්--
ප.ලි : මගේ ගැන බලන්න ඕනි නම් මෙන්න twitter යොමුව; https://twitter.com/Nishshabdawilli