වෙනදා වගේම උදේ ඇවිත් මම මාළිගාව ඉස්සරහා බහිනවා... මගෙ පිටිපස්සෙංම බස් එකෙන් බිමට පැනපු කොන්දොස්තර අයියා, මට ඉතුරු නොදීපු රුපියල ඇතුලුව තවත් කාසි ටිකක් ඒ ළඟම තියෙන සුදු පාට පිඟන් ගඩොල් අල්ලපු බෝධිගරයෙ පිං කැටේට දාල වඳිනවා.
ආයෙත් හැරිලා මම මගේ ගමන පටන් ගන්නවා. දෙන්නෙක්ට මාරු වෙන්න ඉඩක් නැති අර කොල දැලත්, කළු යකඩ වැටත් අතර මඟ මම ඉන්නවා දැක දැකත් අනික් පැත්තෙන් ඇතුළු වෙච්ච හතලිස් ගණනක ගැහැණියක්, දැලට තෙරපිලා මම හදලා දුන්න ඉඩෙන්, මටත් ඔරවගෙන නගරෙට දුවනවා.
ඒ පහු කරගෙන තව ඉස්සරහට යද්දි මාළිගාවෙ කුණු ගෙනියන ටැට්ටරේ හම්බවෙනවා. කහපාට ටී ෂර්ට් ඇඳගතතු දෙමළ පිරිමි, බෞද්ධයො බුදුන්ට පුදපු පර මල්, කුණු ලොරියට පටවනවා. ඒ පර මල් වල ගඳ මට දැනුනත්, ටිකක් ඈතින් අපේ සහෝදර පාසලක් තෙත්බිම් ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන කෘතීම තෙත් බිම් කඩක් මත නැගගත් පාත්තයෙක්ගෙ පින්තූර ගන්න සුදු
වැව දිහාට ඇවිදගෙන ගිය මම, කෙටි පඩි
තුනක් නැගලා පදික වේදිකාවට ගොඩ වෙනවා... අද මගුල් නැකැත් ඇති දවසක් වෙන්නෝනි. මගුල් යුවලක් වැව රවුමෙ පින්තූර ගන්නවා. ඒ දැක මගේ හිතත් විලිබර වෙනවා; ඒ කැමරාව ඉදිරියේ ඉන්නට මගේ ඇති අකැමැත්ත නිසා ද නැතිනම් එ් යුවලගේ ආල රැඟුම නිසා ද කියලා තෝරගන්න බැරුව මම ඇස් ඉවතට ඇද ගන්නවා.
සමහර දාට වැවේම කොලපාට වතුර සුදු පාටට උඩට විසි
කරන වතුර මල අද වැඩ නැහැ. පුරුද්දට දකුණට හැරෙන්න ගියත් බලෙන්ම වමට හැරිලා වැව අයින දිගේ, වලාකුළු
බැම්මත් කළු උස යකඩ වැටත් මැද්දෙන් මම උල්පැන්ගේ දිහාට ඇවිදින්න පටන් ගන්නවා.
ඒ කළු පාට වැට පටන්ග න්න අඩි දෙක තුනක් මෙහායින් අඩි දෙකක් විතර උස, සුදු පාට හුණු ගාපු, මට දැන් මතක![]() |
An image from Google. |
නැති මොකක් හරි සංකේත වගයක් කළු පාටට ඔබ්බවලා තියෙන කණුව පහු කරගෙන මම අතීත මතකයට
එබෙනවා. ඒ කණුවෙ ඉඳන් තමයි නුවර ඉඳන් වෙන ඕන තැනකට දුර කියන්නෙ. කොළඹ කොටුව
දුම්රියපොල ඉස්සරහත් එහෙම එකක් තියෙන බව මතක් වෙනවා.
මීට අවුරුද්දකට කලිං, අවුරුදු දෙකක් පුරාවට උදේ බස් එකෙන් බැහැලා ඇවිත්, නුවර තියෙන ඒ කණුව
කෙලින් වලාකුළු බැම්මට හේත්තුවක් දාගෙන, ඉස්කෝලෙට පයින් යන ගමන් කයියක් දාන්න අඳුරන
කවුරු හරි එනකම් හිටපු මාව මට මතක් වෙනවා.
සාමාන්‍යයෙන් නොපළඳින අත් ඔරලෝසුව කරකවලා උඩට හරවාගෙන වෙලාව බලන මම, මගේ ගමනාන්තයට යන්නට තව ගොඩක් වෙලා තියෙන නිසා ගියර් එක මාරු කරලා වේගෙ අඩු කරනවා.
මට වෙලාව තිබුණත්, වෙලාව නැත්තටම නැති සේවයට යන අය මාව පහු කරගෙන නගරයට දුවනවා. ඒ දුවන මූණු අතර හුරු පුරුදු මුහුණක් තියෙනව ද කියලා මම එබිලා බලනවා. මීට අවුරුද්දකට කලින්, අවුරුදු දෙකක්
සාමාන්‍යයෙන් නොපළඳින අත් ඔරලෝසුව කරකවලා උඩට හරවාගෙන වෙලාව බලන මම, මගේ ගමනාන්තයට යන්නට තව ගොඩක් වෙලා තියෙන නිසා ගියර් එක මාරු කරලා වේගෙ අඩු කරනවා.
මට වෙලාව තිබුණත්, වෙලාව නැත්තටම නැති සේවයට යන අය මාව පහු කරගෙන නගරයට දුවනවා. ඒ දුවන මූණු අතර හුරු පුරුදු මුහුණක් තියෙනව ද කියලා මම එබිලා බලනවා. මීට අවුරුද්දකට කලින්, අවුරුදු දෙකක්
තිස්සෙ උදේ එකම වෙලාවකට මේ පාර දිගේ මේ විදිහටම පාද යාත්‍රා කරපු මට, ඒ කාලෙ හමුවුණු මුහුණු; දැකලා දැකලාම කවුද කියලා නොදතත් 'සුබ උදෑසනක්' අරුතැතිව හිනා වෙලා යන මූණු එකක් වත් අද පේන්න නැහැ.
ඒ අද වෙලාව ටිකක් වෙනස් නිසා ද එහෙමත් නැති නම් ඒ අයත් මම වගේම වෙනස් පාරවල් වල යන නිසා ද කියලා
හිතහිත මම ඉස්සරහට යනවා.
ඔබ මාළිගාවට ඇවිත් තියෙනවා නම්, ඇවිත් හොඳ
සිහියෙන් හිටියා නම්, වෙන පූජාස්තාන වලට අරක් ගත්තු සුවිප් වෙලෙන්දෝ මේ අහල පහල වැඩිය නැති බව පෙනෙන්නෝනි.
ඒක එසේ වෙතත්, මම මේ යන පාරෙ එහෙම අය දෙන්නෙක් ඉන්නවා. ඒ යම් විශේෂ වරප්‍රසාදයක් ලෙස සලකා කියලයි මට හිතෙන්නෙ. මොක ද මේ දැන් මම පහු කරපු ඒ වයසක අත්තම්මා; සුදු ඔසරියක් ඇඳලා, ස්විප්
මිටියක් අතදරාගෙන කාටවත් කරදරයක් නොකර, කිසි සද්දයක් නැතිව, කුවුරු හරි ඇවිත් ස්විප් ගන්නකම් බලාගෙන ඉන්න නිසා.
ඇයට ටිකක් එහායින් අයෙක්, ඇය පිටදීගෙන
හිටපු වලාකුළු බැම්මෙ තීන්ත ගාගෙන ඇය දිහාවට එනවා. ඒ දුටු මට, එහෙනම් ඊයෙ හවස වැවේ වතුරම පොම්ප කරලා මේ බැම්මෙ කුපුටු, පරෙවි වසුරු හෝදලා අරින්න ඇති කියලා හිතෙන්නෙ, කලින් දවසක ඒ
වගේ පොම්ප කරපු වතුර පාරක් අත් වැරදීමකින් වැදිලා මගේ පා දෝවනය වෙලා තියෙන හින්දා.
ඒ අතරෙ අර කලින් කිව්ව ඔෆිස් දුවන මිනිස්සු අතරෙ,
හෙමින් හෙමින් අඩි තියමින් යන පෙම් යුගල කීපයකුත්, මම වගේම නගරෙන් එළියට ඇදෙන තවත් කිහිප දෙනෙකුත් මගෙ ඇහැ ගැටෙනවා.
අඩු වේග ගියරයක උනත් මම හිතුවාට වඩා කලින් මම උල්පැන්ගේ ළඟට සැපත් වෙනවා. අවුරුදු බර ගානකට කලින්, රාජ ලලනාවන්ගෙ පැන් පාසුවට හදපු ඒ ගොඩනැගිල්ල දැන් ටකරං වහලයකිනුත්, කොල
දැල්වලිනුත් වහගෙන සංරක්ෂණය කරන නිසා, අවුරුද්දකට කලිං මම හැමදාම උදේ කරා වගේ
උල්පැන්ගේ ළඟ පිං කැට පේලිය ඉස්සරහා හිටගෙන, මම ගෙනියන දිග කුඩේ ඒ ඉස්සරහා බැම්මට හේත්තු
කරලා, මේ පාරෙ, වැඩහිඳින මාළිගාවට ළඟම තැනට වෙලා වඳින්න ඉඩ නැහැ. ඉතිං ඊට ටිකක් මෙහායින්, පත්තිරිප්පුව කෙලින් තියෙන මාර ගහ හෙවනෙ ඉඳං මම වඳිනවා; අතලොස්සක් වැඩිහිටියන්ට පමණක් වඳින මගෙන් වැඳුම් ලබන අජෛවී වස්තු දෙකෙන් එකක් ලෙස. අනික් අජෛවී වස්තුව අනුරපුරේ සිරිමහ බෝධිය.
![]() |
හරියටම මම කියපු ඒ මාර ගහ යට ඉඳලා, කළු යකඩ වැට අස්සෙන් අත දාල මමම කලින් දවසක ගත්තු ඡයරුපයක්. |
ඒ පහු කරගෙන තව ඉස්සරහට යද්දි මාළිගාවෙ කුණු ගෙනියන ටැට්ටරේ හම්බවෙනවා. කහපාට ටී ෂර්ට් ඇඳගතතු දෙමළ පිරිමි, බෞද්ධයො බුදුන්ට පුදපු පර මල්, කුණු ලොරියට පටවනවා. ඒ පර මල් වල ගඳ මට දැනුනත්, ටිකක් ඈතින් අපේ සහෝදර පාසලක් තෙත්බිම් ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන කෘතීම තෙත් බිම් කඩක් මත නැගගත් පාත්තයෙක්ගෙ පින්තූර ගන්න සුදු
ජෝඩුවට දැනුනු පාටක් නැහැ.
ඒ ජෝඩුව ළඟම කළු උස යකඩ වැටට හේත්තු වෙලා අර මම කලින් කිව්ව දෙවැනි ස්විප් විකුණන්නා ඉන්නවා. ඔහු
අන්ධයි. ඇස් යට ලේ රතු පාටයි. මුහුණ අහිංසක යි. හැමදාම වගේ ළඟ ඇති පොඩි රේඩියෝවෙ බෞද්ධ
ගීතයක් හෝ ආශ්රිත යමක් වාදනය වෙනවා. විශේෂ වරප්‍රසාදයට ඔහු සුදුසුයි කියලා හිතෙනවා.
අද ඔහු ළඟ මිනිසෙක් නැවතිලා. ලා රතු කමිසයකුත්, කළු කලිසමකුත්, රබර් සෙරෙප්පු යුගලකුත් හැඳ පොඩි වුනු ඉටි බෑගයක් අතගත් ඔහු දෛනික කුලී කම්කරුවකු විය යුතු බව මම නිගමනය කරනවා. බඩගින්නෙ හිටපු කෙනෙක්ට මිස තවකෙකුගේ බඩගින්න නොදැනෙන බව මට සිහිවෙනවා.
නැවත ඔරලෝසුව බලපු මම ඉස්සරහට හම්බවෙන කන්ද දාඩිය නොවැටෙන ගානට යන්නට වෙලා තියෙන බව හිතමින් කළු යකඩ වැට අවසන වමට හැරී විශ්‍රාම ශාලාව ඉස්සරහ පඩිපෙල නැග අශ්ටවංක වීදියට ( චන්ද්‍රවංක
වීදියද මන්දා) පිවිසෙනවා. පෙරහර කාලෙට අලි බැඳ තබන මේ වීදිය දෙපස පොලවට එබ්බවූ යකඩ කොකු ගැට තියෙනවා. කවදාවත් නැතුව ඒ කොකු ගනින්න පටන්ගත්තු මට, ඒ වැඩේ අතාරින්න උනේ ඉස්සරහින් ආ අයෝම්යය මනුස්සයෙක් මාව නවත්තපු නිසා. ඒ තවත් හිතවතෙක්.
අහඹු ලෙස ප්‍රදර්ශනයක වැඩකදී හමුවුනු ඔහු, විටින් විට පසුවත් මට මුන ගැහැනු නිසාමදෝ දැන් හිතවතෙකි. උණුසුම් සමුගැනීමකින් පසු ඔහු නැවත තම බැංකු රාජකාරියට දිව යන්න පටන් ගන්නවා. මම ඉදිරියට ඇදෙනවා; මගේ පාසල දිහාවට.