Tuesday, July 12, 2016

කොට බැම්ම

වෙලාව හතයි හතලිස් පහයි. මම මේ නුවර ක්වීන්ස් එක ගාව කොට බැම්මක වාඩි වෙලා ඉන්නවා... ඇයි මට වෙන වැඩ නැද්ද...? නෑ තියෙනවා... ඒත් ඔෆිස් බස් එක එන්නෙ අටයි කාලට මාකට් එක ගාවට.එතන කපුටු ගුවන් ප්‍රහාර වලට බයේ පපුව ගැහි ගැහී ඉන්නවට වඩා, මාළිගාව ළඟින් බැහැලා මෙතන ඉඳගෙන ඉන්න එක සැපයි කියලා හිතුනා. 😊
ඒත් ඉතිං මොන මගුලට ද මම කලිං ආවෙ කියලා අහන්නැද්ද..? ඔව් මේකයි. මේ රටේ තත්වෙ තමයි. දවසින් දවසට පාරෙ ඉන්න වෙන වෙලාව වෙනස් වෙනවා. උදේම ආවොත් විනාඩි විස්සෙන් ගෙදර ඉඳන් නුවරට එන මට, සමහර දවස් වලට පැය එක හමාරක් යනවා ඒ ගමනම එන්න. ඉතිං අද කලිං ආපු දවසක්. කරන්න වැඩක් නැතිව මම ලතැවෙනවා. උ.පෙ ඉවර කරලා ඊ ෆැක් එකට කෙල හල හල ඉන්න මම ක්ලාස් එකක් කරා නම් පැයකට දාහක් වත් ගන්නවා. එතක‍ොට මම මේ බැමි කොටේ උඩ ඉඳගෙන දාහෙ කොලයක් කීතු කීකු කර කර ඉන්නවා වගේ හැඟීමක් දැන් මට පහල වෙනවා.
දැන් ඒ කතාව ඉවර කරමු. ඔහොම බැන ඉැන ගියොත් මම හැම කෙනාටම බනීවි. ඒ නිසා දේසෙ හැටියට වාසෙ කියලා ඉමු.
මෙතනට පේනවා පොලිස් මහත්තුරු දෙන්නෙක් හතර අතට අත් වන වන වාහන වගේම මිනිස්සු හසුරුවනවා. සංඥා ලාම්පු වගේම පාරෙ ඊතලත් ගහලා තියෙන මේ වගේ හන්දියක පොලිස් මහත්තුරුන්ගෙ අවශ්‍යතාව ගැන මට එන්නෙ කුකුසක්. ඒ කියන්නෙ අපේ රියදුරු රියැදුරියො වගේම පදිකයො ඉතාම විනය ගරුකයි...? ආච්චිගෙ වස්ත්‍රය. 😂 තප්පර ගානක වාසියක් වෙනුවෙන් ජීවිතේ ඇපේට තියලා කහ ඉරට පනින පදිකයො වගේම දකුණෙන් වගේම වමෙනුත් අනිකාව ඉස්සර කරගෙන යන්න දඟලන රියැදුරෝත් අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවා ද..? ඔය තප්පර දෙක ඉස්සර වෙන්න හදන්‍ෙ ඉර ගහන්න කලිං කන්තොර්වට යා ගන්න ද..? ඇයි ඉතිං ඔක්කොමලා ටිකක් කලිං ගෙදරින් ඇවිත් පිළි වෙලට පාරෙ ගිහින් වෙලාවට කන්කෝරුවට යා නොගන්නෙ..? ඒ විනය අපේ ප්‍රෞඩ ඉතිහාසයක සාඩම්බර උරුම කරුවන් වන අපි ගාව නැත්තෙ ඇයි..? කොතැන ද වැරැද්ද..? කවුද ඒ වැරැද්දට පිළියම් යෙසිය යුත්තේ..?
ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් මම මොරලා නැහැ කියලයි විසි වියැති මගේ හිත කියන්නෙ. ඒ නිසා ප්‍රශ්න ටික හිතේ දරාගෙන මම දැන් නැගිටින්න ඕනි මාර්කැට්ටුව ගාවට පයිං කොටන්න. බසය මිස් උනොත් හන්තාන කන්ද පයිං බඩ ගාන්න වෙනවා නැතිනම්. ඔබට ජය. 😊
අද දිනට දෙවන දිග හැරුම. වැඩ නිමවෙලා ගෙදර යන ගමන්. මේ දැන් තමයි තනි දොරේ සිලෝං ටකරං බසය කටුගස්තොට හෝල්ට් එකට ගොඩ උනේ. වෙනදා කට කපලා, නැතිනං පැවලා උතුරලා දොරේ වගේම කරෙත් මිනිස්සු එල්ලිලා යන බස් එක හිස්. නුවර ඉඳං මෙතනට එනකම් බස් එකේ මිනිස්සු හිටියෙ නැහැ අතේ ඇඟිලි ගණනට වත්. පාර අයිනෙ කඩල කරත්තෙක කඩල පෙරලනවා මුදලාලි. දුම් දම ඒ කඩ කන්ද දැක්කම බඩගින්නක් ආවත් මම දන්නවා මම ඒ කඩල කන්නෙ නැහැ කියලා. සේප්ටි පස්ට්. ඕවා කාල හෙට බඩ ගෙදර තියලා තමයි වැඩට යන්න වෙන්නේ... 😂
ඉතිං කියන්නං ඒ ගැන වචනයක්. 'තම්බි හැතිකරේ, බිස්නස් අල්ලං' කියලා බනින සිංහල අපේ කඩේ කට බඩුවක් ගන්න ගියාම මුදලාලි ඉන්නෙ 'පුළුවනි නම් මෙතනින් බඩු අරං පල' ගානට. ඉතිං කොහෙද බිස්නස් කරන්නේ.. ඒ වගේම, උපතින් සිංහල උනාට මෙක නොකියා බෑ. සිංහලයා කුහකයා. තමංගෙ කඩේ බඩු නැත්තං, අන්න අර කඩේ බඩු තියෙනවා කියලා මුස්ලිම් දෙමල මිනිස්සු අැර සිංහලයෙක් කියතොත් පීළි නැතුව කෝච්චි දුවනවා සිකුරුයි. 😏  ඕක මේක කෙසේ වෙතත් කුණු විකුණන්න අපෙ මිනිස්සු හරි දස්සයි. කුණු කිව්වෙ බාල බඩු. ඒ ගැන ඔබලාටත් අත්දැකීම් ඇති නෙව. ඒ නිසා ඒ ගැන ඇද නොබාමි.
දැන් බහින්න කිට්ටුයි. බුරේක් එකටයි, ඇක්සලරේටරයටයි බර දුන්නාම දෙදරුං කන, වංගුවලදි පැත්තට වැනෙන බස්එකේ ඉඳං මේක කොට කොට ඇවිත් මටත් ඕක්කාරෙට වගේ. නවතිමි දැනට. 😊

8 comments:

  1. Fatta mchn. Umba lassanata liyanawa. 👌👌👍👍

    ReplyDelete
    Replies
    1. ස්තූතී කොල්ලෝ... මම දැනගෙන හිටියෙ නැහැ උඹ මේ සබ්ජෙක්ට් එකේ ඉන්නවා කියලා... 😁

      Delete
  2. Fatta mchn. Umba lassanata liyanawa. 👌👌👍👍

    ReplyDelete
  3. මිනිස්සු කවදාවත් හිතන්නෙ නෑ ටිකක් කලිං වැඩ පටන් ගත්තොත් වැඩේ කලබල නැතුව කරගන්න පුලුවන් කියලා

    ReplyDelete
    Replies
    1. ඕක අයියා මම දන්න සුපිරිම මීටරේ ගාව වත් නැති ගුණයක්... ඌත් එහෙම කල අනික් ඈයො ගැනකවර කතා ද... 😏

      Delete
    2. ඕක අයියා මම දන්න සුපිරිම මීටරේ ගාව වත් නැති ගුණයක්... ඌත් එහෙම කල අනික් ඈයො ගැනකවර කතා ද... 😏

      Delete
  4. ස්තූතී ස්තූතී... 😃

    ReplyDelete